කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව ඇට වල වත්ත ප්රදේශයේදී පෙරේදා එක් දරු මවක් නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13දා) යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සාලියපුර, මාන්කඩවල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි.
පසුගිය 12දා මෙම ඝාතනය සිදුව තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ ඉඳුරුව ඇටවල වත්ත ප්රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි කොස්ගොඩ බඩහැලගේ චාන්දනී නමැති එක්දරු මවකි.
මරණකාරියගේ සැමියා විදෙස් ගතව සිට ඇති අතර ඇය, මෙම යුධ හමුදා සෙබළා සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බව පොලිසිය කියයි.
කොස්ගොඩ පොලීසියේ නිලධාරීහු පිරිසක් සහ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.