හෙද පුහුණුවෙන් පසු පැවැත්වූ අවසන් විභාගයට පෙනී සිටි2595 දෙනෙකුගෙන් සමත් වී තිබෙන්නේ 844 දෙනෙකු බව ඒකාබද්ධ හෙද සේවා සංගමය සඳහන් කරයි.
ගෙවීගිය කාලය සැලකීමේදී හෙද විභාගයකින් අසමත් වී තිබෙන්නේ 2% ත් 3% අතර ප්‍රතිශතයක් බවත්,මෙතරම් ප්‍රමාණයක් අසමත් වී තිබෙන නිසා නැවත උත්තර පත්‍ර පරීක්ෂා කර බලා ප්‍රතිඵල නිකුත් කිරීම සුදුසු යැයි එම සංගමය පෙන්වා දෙයි.මේ පිළිබඳව ඊයේ (12දා) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්,වරයාට ලිඛිතව පැමිණිලි කළ බවද සංගමය සඳහන් කරයි.
2018 වසරේදී උසස්පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වී හෙද විදුහල් 18 කට ඇතුළත් වූ මෙම කණ්ඩායමේ විභාග ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කරන ලද අතර එම ප්‍රතිඵල පිළිබඳව ගැටලුවක් ඇති වී තිබෙන බවත්,මෙහිදීවිෂය නිර්දේශයන්ගෙන් බැහැර ප්‍රශ්න පත්‍ර සකස් කිරීම හා ප්‍රතිඵල ලේඛණ නිකුත් කිරීම දක්වාම ගැටලු ඇති වී තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.
අසාමාන්‍ය ලෙස අසමත් ප්‍රමාණය 67 % ක් බවට පත් වීතිබෙන හෙයින් මෙම තත්ත්වය බැරෑරුම් ලෙස සලකා හෙද ශිෂ්‍ය ජීවිත අගාධයට නොයවා විභාග ප්‍රතිඵල නිරවුල් හා විනිවිද භාවයක් සහිතව නැවත නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවද සංගමය කියයි.