ජූනි මාසයේ පළමු දින අට තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 22,200 ක් පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මේ දක්වා මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,775 ක් වේ.
ඒ අනුව, 2023 ජනවාරි 1 සිට ජූනි 8 දක්වා සමුච්චිත පැමිණීම් 546,686 කි. දැනට පවතින ප්‍රගතිය එලෙසම පවත්වාගෙන ගියහොත් මේ මස අවසන් වන විට ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවිය හැකිය.