රුපියල් ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන අද (13දා) දින සිට නිෂ්පාදනය කරන අභ්‍යාස පොත් ඇතුළු සියලු පාසල් උපකරණ මිල හා අනෙකුත් කඩදාසි නිෂ්පාදන මිල 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණයකළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
මීට අමතරව ණය වර ලිපි නිකුත් කිරීමේදී පැවති කොන්දේසි ලිහිල් වී තිබෙන බවත්, ආනයනික සීමා ලිහිල්වීම හා බැංකු පොලී අඩුවෙමින් තිබෙන නිසා ඉදිරි මාසයක කාලය තුළදී මෙම භාණ්ඩවල මිල අඩුවීම 35%ත් 40%ත් අතරඅගයක්ගත හැකිබවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.
දැනට ලැබී ඇති සහන අනුව අද සිට නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල 20%ත් 25%ත් අතර මුදලකින් අඩුවන බවත්, මේ අනුව රුපියල් 4,000කට අලෙවි වූ පොත් බෑගයක් හෝ සපත්තු ජෝඩුවක මිල ආසන්න වශයෙන් රුපියල් 3,000ක් බවට පත්වන බවත් හෙතෙමපවසා සිටියේය.
රුපියල් 100කට අලෙවි වන අභ්‍යාස පොතක් හෝ චිත්‍ර පොතක මිල රුපියල් 75ත් රුපියල්80ත් අතර මිලක් ගන්නා බවත්, දින 30ක කාලයකට පසු එමපොතක මිල රුපියල් 60ක් දක්වා අඩුවන බවත් පවසා සිටි සභාපතිවරයා, මේ ආකාරයට සියලුම භාණ්ඩවල මිල සැලකිය යුතු මුදලකින් අඩුවන බවද පැවසීය.
මෙම මිල අඩු කිරීමත් සමග මීට පෙර වැඩි මිලට අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කර තිබෙන භාණ්ඩවල මිල පවා කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයන් අඩුකිරීමට සිදුවන බවත්,ණයවර ලිපි නිකුත් කිරීමේ සහනය හා පොලී අනුපාත අඩුවීමේසහන ජනතාවට ලබාදීමටමාසයක් පමණ කාලයක් ගත වන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් ඩොලරය අඩු වී රුපියල ශක්තිමත් වීමේ වාසිය අද සිට නිෂ්පාදන කරන භාණ්ඩවලට ලබාදෙන බවත්, මීට සාපේක්ෂව මීට පෙර නිෂ්පාදනය කළ භාණ්ඩවල මිල පවා අඩුවන බවත් සභාපතිවරයා පවසා සිටියේය.