කිරුළපන ප්රදේශයේ පුද්ගලික ආයතනයක මල් පෝච්චියක දමාගොස් තිබු විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව කිරුළපන පොලිසිය කියයි.
කිරුළපන මාවතේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිට මල් පෝච්චියද අත්බෝම්බයක් ඇති බවට ඊයේ (12දා) දහවල් එම ආයතනයෙන් පොලිසිය කළ දැනුම් දීමකය අනුව පොලිසිය පැමිණ බෝම්බය සොයාගෙන ඇත.
එම දැනුම් දීම අනුව කිරුළපන පොලිසිය, විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රිය අංශය සහ කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂණය ( සොකෝ ) නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
කිසිවකු විසින් ආයතනයේ නිලධාරීන් බිය ගැන්වීම සදහා මෙම බෝම්බය මල් පෝච්චියට දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සිද්ධියේ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත.
මෙම බෝම්බය සම්බන්ධයෙන් අද (13) අධිකරණයට කරුණු වාර්තා කර එය නිෂ්ක්රීය කරන බව පොලිසිය පවසයි.