ජනපතිගේ ප්‍රකාශයට මැදගොඩ හිමිගෙන් පිළිතුරක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙනයනජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන්වහන්සේ අද (13දා) සවස මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව පැවසූහ.
“2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවාගෙන සිදු කිරීමට සැරසුන ක්‍රියාවන් නැවැත්වීමටයි හැට නව ලක්ෂයක් ඡන්ද වලින් 2019 වසරේ දී ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළේ .
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා කුරුන්දි විහාරයට මෙතරම් ඉඩම් ප්‍රමාණයක් කොහෙන්ද මහා විහාර වලටවත් මෙතරම් ඉඩම් ප්‍රමාණයක් නැහැ කියලා. ජනාධිපතිවරයා කොහොමද ඒක තීරණය කරන්නේ. පුරාවස්තු විසිරී තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි එය තීරණය විය යුත්තේ. ජනාධිපතිවරයා කියන ඔය මහා විහාරයට අක්කර දහස් ගණනක් තිබෙනවා. ඊට අනුපාතයක් හැටියට අනෙක් විහාර කුඩා විය යුතුයි කියා ජනාධිපතිවරයාට තීරණය කළ නොහැකියි.
මේ ඉඩකඩම් උතුරු නැගනහිර ඡන්ද බලාගෙන බෙදුම්වාදීන්ට කප්පම් වශයෙන් දීමට අපි ඉඩකඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරයා පසුගියදා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පසකින් තබාගෙන ඉතාමත් වැරදි ප්‍රකාශයක් කරමින් පුරාවිද්‍යාත්මක උරුමයන් ඇති ස්ථාන සංරක්ෂණය කිරීමේ දී පෞද්ගලික ධන පරිත්‍යාග භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබුණා.
නමුත් මෙරට බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වන තුරු යොදාගෙන ඇත්තේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. රජයේ ප්‍රතිපාදන ලබාගෙන මේවා සංවර්ධනය කිරීමට බලා සිටිය හොත් එය කිසිදා සිදු නොවන දෙයක්.
බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට ගොඩනගන ලද ගිරිහඬු සෑය ජනාධිපතිවරයා විසින් හැඳින්වූයේ ප්‍රදීපාගාරයක් වශයෙනුයි. ජනාධිපතිවරයාට එය ප්‍රදීපාගාරයක් උනාට එය බෞද්ධයන්ටඉතා වැදගත් ස්ථානයක්”
popular news
-
hector.perera Tuesday, 13 June 2023 04:13 PM
You have to tie these dogs who interfere with National Unity. They were in hiding for a while and looks like they are out again.
Reply : 0 0
hemal Wednesday, 14 June 2023 03:04 AM
මේ සිවුරැ අදින කට්ටිය තමා රට මේ තත්වයට ඇදල දම්මේ. තියන තරම් ඉඩම් පන්සල් වලට පවරාගෙන ගොවියන්ට බදු දීලා පන්සල් හම්බ කරනවා. තෙල් පොලිම් වලට ආර්ථිකය කඩාවැටීමට කෙලින්ම මේ සිවුර පෙරෝගත්ත කෙනා වග කියන්න ඕනේ. ළමා අපචාර අඩු කරන්න ළමයි දැනුවත් කරන්න හදපු අපේ හතේ පොතටත් විරුද්ධ මෙයනේ, පාඩු නිසා.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 14 June 2023 04:00 AM
අවසරයි හාමුදුරුවනේ, ඔබ වහන්සේ වදාරන කරුණු 100%ක් ඇත්ත වුනත් ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාට තනතුරු හැර යන්න මූලික හේතුවක් වුණෙත් ඔය පුරා වස්තු සංරක්ෂණ ව්‍යාපෘතියි. ඉතින් පසුගිය අරගලවල අධ්‍යක්ෂකවරුන් විසින් එම පුටුවේ වාඩි කරවූ රනිල් ජනාධිපතිතුමාත් එය නො කඩවා කරගෙන ගියොත් එතුමාටත් අත්වෙන්නෙ ඒ හා සමාන ඉරණමක්. මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න නායකත්වය ගත යුත්තේ පූජනීය ඔබ වහන්සේලාම තමා.
Reply : 0 0
බමුණුආරච්චි Wednesday, 14 June 2023 01:35 PM
අපේ හාමුදුරුවනේ රනිලයි ජෙප්පොයි ඔය සම්බන්දව ඉන්නේ එකම බෝට්ටුවේ. මුන් බලයට ආවොත් අපේ ඉඩම් දෙමල්ලු හම්බයෝ අත් කර ගන්නවා. එම නිසා ඊට විරුද්දව නැගී සිටිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
