දික්වැල්ල කුමාරතුංග මාවතේ දී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් 52 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති මංගල යසලාල් (52) යන අය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඔහු දඹගස්ආර සිට තම දරුවන් පාසල වෙත රැගෙන යාමට කුමාරතුංග මාවතේ පිහිටි බිරිදගේ නිවස ආසන්නයට යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරයට ලක් ඇත.
මෙම අපරාධයට නිශ්චිත හේතුව හා ඊට සම්බන්ධ සැකකරුවන් පිලිබදව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.
දික්වැල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජීවක ජයරුක් හා නිමල් ලන්දගේ විසිනි