saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4291 hours ago

LATEST

සැකකටයුතු බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවුක හමුදා යටතට

calendar_today 2023 ජන 16 - 16:15 remove_red_eye - 249  

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.

Read More

ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු (15) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

Read More

කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ගෝෂකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මෝටර් රථය කළුතර පාළම ආසන්නයේ දමා ආගිය අතක් නොමැතිව සොයමින් සිටී කළුතර ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා පෙරේදා (15) පස්වරුවේ නිවසට පැමිණ ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය.

Read More

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි.

Read More

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බහුකාර්ය කාර්ය සාධන බළකායේ සිටින සේවකයන් පිරිසක් මෙසේ දුම්රිය වෙත බදවා ගැනීමට නියමිතය.

Read More

ආර්ථික අහේනියක් පැවැතියත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත් වැදගත් බවත් ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ කිසිම වරදක් නොමැති බවත් තතානායක මහින්ද යාපා අබේවර්ධන කියයි

Read More

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබදුන් තින්දුව පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Read More

කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක් මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.

Read More

එක්දින ඉතිහාසයේ වැඩිම ලකණු ප්‍රමාණයකින් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා අතරට එක්විය. ඒ ඉන්දියාව සමගින් පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබමිනි.

Read More

රට ආර්ථික වශයෙන් වැටි තිබෙන අවස්තාවේ රට තුළ මැතිවරණයක් පැවැත් වුව හොත් රටේ ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බවත්, පවත්නා තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයක් අනවශ්‍ය බවත් බුද්ධ ශාසන , ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසිය.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (15දා) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් අද (15දා) අලුයම වටලා තරුණියක් ඇතුළු සිව් දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

Read More

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය එක්දින දිවියේ 46 වැනි ශතකය වාර්තා කිරිමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී චීනයේ සහාය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනයේ සහාය නුදුරු අනාගතයේදීම අපේක්ෂා කරන බවයි.

Read More

මම කියන්න කැමතියි, ඡන්දය කල්යන්නේ නැහැ කියලා. ඡන්දය පවත්වාවි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇතිවු තත්වය පිළිබද අපි කණගාටු වෙනවා. එතුමා සමග අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. ඉදිරි මැතිවරණයේ දි අපේ කණ්ඩායම තරග වදිනවා.

Read More

අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල්ගෙරැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද (15දා) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

Read More

මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය අසන්නයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටි විදුලි මනු කියවන්නෙකුට පුද්ගලයකු පොලු මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දීමේන් බරපතල ලෙස තුවාල හා අස්ථි බිදිමකට ලක්ව හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

Read More

මෙවර මැදවච්චිය විවිධ සේවා සමූපකාර ඡන්දය සමගි ජන බල වේගය නියෝජනය කළ කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බවත් එම ඡන්ද විමසීමේදී මැදවච්චිය විවිධ සේවා සමූපකාරයේ සාමාන්‍යඅධිකාරිවරයා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වමින් අක්‍රමිකතා රැසක් සිදු කර ඇති බව මැදවච්චිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ලද නීතීඥවරුන් කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණයට රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට කැමැත්ත ප්‍රකාශකරන හෙයින් ඊට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඒ අනුව ජනවාරි (18) වෙනි දින සැකකරු අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලීසියට නියෝග කරනු ලැබුවාය.

Read More

මොනරාගල පොලිස් කොට්ඨාසයයේ නව පොලිස් අධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් පත්කොට ඇත.

Read More

මහජනතාව තුළ පොලීසිය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක නිරතවනවා... සමහර පොලිස් ස්ථානාධිපතිවරුන් අරගලකරුවන්ට උදව් කළා. අන්තිමට අරගලකරුවන් පොලීසියටම පහර දුන්නා... ඇතැම් නිළධාරින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධයි... පොලීසිය ජාවාරම්කරුවන්ට එරෙහිව තදින් ක්‍රියාත්මක වුවහොත් මහජන ගෞරවය හිමිවේවි....

Read More

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිධුරය සදහා අපෙක්ෂකයකු ලෙස නව ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන බව හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා අද (15දා)මාධ්‍ය අමතා පැවසිය.

Read More

මෙරට ආදීවාසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ ප්‍රථම වතාවට නොවන බවත් දැනටමත් තම ලේලියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්ව සිටින බවත් ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අද පුවත්පතට පැවසීය.

Read More

පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ’’ සුරක්ෂා’’ මැදුරෙහි සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද (15දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

මත්ද්‍රව්‍ය මෙරටින් පිටු දැකීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් සිදු කල මෙහෙයුම් මඟින් පසුගිය 2022 වසරේ හෙරොයින් කිලෝ 1363 ග්‍රෑම් 503 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.