saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4173 hours ago

LATEST

ශ්‍රී ලංකාවෙන් අවසන්පූර්ව වටයේ බලාපොරොත්තු අහිමිවෙයි

calendar_today 2023 පෙබ 20 - 07:00 remove_red_eye - 333  

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ නවසීලන්තය හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙනි. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.

Read More

නමුත් අවසන් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් කළ ඉල්ලීම ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත් මම භාර ගත්තේ මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබු නිසයි.

Read More

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

Read More

ජල ගාස්තුවද ළගදීම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළගදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවන බවත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් බවද හෙතම කීය.

Read More

විදුලි බිල ඉහල දැමීමත් සමග දකුණු පලාතේ සැලුන් වල කොණ්ඩා හා රැවුල කැපීමේ ගාස්තු ද රුපියල් 50 ත් 100 ත් මුදලකින් ඉහල දමා තිබේ.

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි. විදුලි බිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සාපෙක්ෂව මෙසේ ජල ගාස්තුද ඉහළ නැංවීමට නියමිතය.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

Read More

පසුගියදා අපිට විදුලි බිල වැඩි කරන්න සිදු වුනේ ඒ නිසයි. එලෙස සිදුකළත් තවමත් විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා. මෙයට වෙන විකල්පයක් නෑ. නැත්නම් අපිට ඉන්න වෙන්නේ විදුලිය නැතුව. අපිට ඉක්මනින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් සමහර දේවල් අකමැත්තෙන් වුවත් කළයුතුව තිබෙනවා.

Read More

ගිනිගත්හේන පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍ර වල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (18) දින සිට එම ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති බව එම ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු පැවසිය.

Read More

මව විසින් දරු දෙදෙනා ඝාතනය කිරිමට උත්සාහ දැරූ බවට සැක සහිත තොරතුරු කිහිපයක් පොලීසියට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි. මේ අතර දරුවන්ගේ මව වන කාන්තාව පවසා ඇත්තේ ආරවුලෙන් පසු නිවසින් පිටවගොස් යළි තමන් නිවසට පැමිණ විට දරු දෙදෙනා නිවසේ නොසිටි බවයි.

Read More

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (20දා) පස්වරු 03.00ට විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

පෙබරවාරි පළමු සති දෙක සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයක් ප්‍රමාණය 50,000 සීමාව පසුකර තිබේ.

Read More

භූ කම්පනය සමග සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. ඉදිරි දස වසර තුළ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරියඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර තිබේ.

Read More

ප්‍රභල අකුණු පිලිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වංගු වෙයි.මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

අතරමග නතර වී තිබෙන මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ජපන් ආධාර යටතේ නැවත ක්‍රියාත්මක කර එමගින් යල මහ දෙකන්නයේ හතලිස් දාහකට ආසන්න බිම් ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ශ්‍රි ලංකා-ජපාන තානාපති, මිසොකොශි හිඩෙයාකි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 18 වෙනිදා මාදුරුඔය ජලාශය සහ ඒ අවට සංචාරයක නිරත වූහ.

Read More

නුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් ලාභ ලබන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 11.64ක් සංස්ථාව ලාභ ලබයි.

Read More

උතුරට, දකුණට, බස්නාහිරට, කියලා වෙන බුදු හාමුදුරුවෝ කෙනෙක් නෑ. නමුත් මට වෙඩි තිබ්බ ආරංචියිට මේ රටේ හාමුදුරුවරුන්ගෙන් කීයෙන් කීදෙනාද මොකද උනේ කියලා ඇහුවේ. හතරනමයි දුරකථන ඇමතුමක් දුන්නේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියන, නීති හදන්න, සමාජය හදන්න පාර්ලිමේන්තුවේ 225 ක් කටයුතු කරනවා. හැබැයි ඒ අයගෙන් මන්ත්‍රීලා කතා කරේ මට හතරදෙනයි.

Read More

නුවරඑළිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම බවුසර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කළ ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලීසිය පැවසිය.

Read More

මැදවච්චිය, වව්නියාව ප්‍රධාන මාර්ගයේ මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 13 ක දියණියක් මිය ගොස් ඇති බවත් එම අනතුරින් දියණියගේ මව බරපතල තුවාල ලබා වව්නියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවත් පූනෑව පොලීසිය පැවැසීය.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

යාචකයන් රඳවා තබන රජයේ රිදියගම නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 කුට පමණක් බව එම නිවාසයේ අධිකාරි චාන්දනී සිරිවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

කළුබෝවිල රූබන් පීරිස් මාවත ප්‍ර දේශයේ නිවසක ගරාජයක නවතා තිබූ මෝටර් රථයක් පිටතට ගැනීමේදී එම මෝටර් රථයේ ගැටුණු අවුරුදු එක හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම ‌දෙපාර්තතමේන්තුව පෙන්වා දෙයි.

Read More

75 වැනි නිදහස් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මහනුවර ජනරජ පෙරහර හෙට පස්වරු 6 සිට වීදි සංචාරය කිරිමට නියමිතව තිබේත. මෙම පෙරහර මහනුවර දළදා මාළිගාව අසලින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ. මේ අනුවර පෙරහර පවත්වන හෙට දිනයේ පස්වරු 5 සිට පෙරහර අවසන් වන තෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයින්ට පිරිනැමීමට නියමිත කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සදහා 02/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ආවේය .

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණත් ජාත්‍යන්තර මුූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාව ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම නිදහස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.