සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධූරයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යධූරයකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම මගින්, එදා විපක්ෂය විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම නිවැරදි බවත්, ආණ්ඩුව ඊට එරෙහි වෙමින් රඹුක්වැල්ල මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධූරය රැකගැනීමට ක්‍රියා කිරීම වරදක් බවත් ජනාධිපති වරයා විසින් තීරණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (23) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා."