saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4200 hours ago

LATEST

ක්‍රීඩා ඇමති හා ඉම්රාන් කවාජා අතර හමුවක්

calendar_today 2023 මැයි 11 - 19:01 remove_red_eye - 323  

දිවයිනට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සි.සී.) ඉම්රාන් කවාජා හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදි සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් ඇත්දැයි සොයා බැලීමට සඳහා මෙරටට පැමිණ සිටින කවාජා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නි

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මගනැගුම ආයතනයේ විශාල පිරිසක්ව න්දි ගෙවා බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

Read More

අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස අමාත්‍යාංශයට දන්වයි

Read More

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව අද පස්වරුවේ කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

Read More

රූපලාවණ්‍ය කටයුතු සිදු කරන මුවාවෙන් ගොස් රූපලාවන්‍ය ශිල්පිනියන් ගේ ණය කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ මිලදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ 20 හැවිරිදි සුරිපි තරුණියක අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

Read More

මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාමකින් යුතු නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුළදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටළුවක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටළුව විසඳන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.05.11 දින ප්‍රකාශ කළේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

රට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළඳසලකට මහා දවාලේ කඩා වැදි තියුණු ආයුධ පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා ඔහු පැළඳ සිටි රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනාගෙන් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.

Read More

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා තමන්ට පහරදුන් බවට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා කළ පැමිණිල්ලක් අනව ප්‍රියත් නිකේෂල අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් ඉකුත් 10 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් වටලා එහි කළමණාකරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 217 ක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.

Read More

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක දැරියක් නිවසින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.

Read More

ලෝක සංචාරක නගර සම්මේලනයේ 2023 වසරේ චං-ශා කඳුකර සංචාරක සමුළුව අද (10) හූනාන් හි වැං-ශා හිදී ආරම්භ විය.

Read More

දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

Read More

ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

නිවසක් තුල අධික ශබ්දයකින් කැසට් යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් ඒ අසල පිහිටි විහාරස්ථානයක ආගමික කටයුතු වලට සිදුවූ බාධාවත් සහ අසල්වැසි පිරිස් දැඩි පීඩාවක් ලක්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව, එම නිවසට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හට එම නිවැසියන් පහර දීම හේතුවෙන් පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඊයේ(9දා) ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් හොරොව්පතාන පොලිසිය ස

Read More

යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට ඊයේ (09) සවස අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාළිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (10) නියෝග කළේය.

Read More

ඩෙංගු රෝගය පිලිබඳව මෙම සතිය පුරාවට කල සමාලෝචනයකින් දිවයින පුරා ඩෙංගු රෝගීන් 186ක් වාර්තා වී ඇති බවත් ඒ අතුරින් වැඩිම රෝගීන් සංඛයාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී %‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දින දෙකකදී පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර ගනිමින් මේ වනවිට රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට අද (09) දින කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී සියලු පාර්ශ්ව තීරණය කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ ’’ එක්ස්ප්‍රස් පර්ල් ’’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද දින සවස ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.