මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වකවානුවේ බැංකු පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවති වකවානුවේ ලබාගත්, දීර්ඝ කාලින තැන්පතු සඳහා පොලී ගෙවීමේදී වාණිජ්‍ය බැංකු වලටද යම් ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත් , මහ බැංකුව විසින් නිකුත් කළ බැංකු පොලී අනුපාතික වලට අනුව වාණිජ්‍ය බැංකු කටයුතු කරනු ඇතැයි දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් මහ බැංකුව මෙම බැංකු පොලී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බලා බැවින් , සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව කටයුතු කළ යුතුයි යන්න රජයේ ස්ථාවරය වන බැවින් ක්ෂණිකවම එම බැංකු පොලි අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.