ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචාකල බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට යුධහමුදාවේ මේජර්වරයෙකු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ගොරකාන ප්රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකාර මේජර්වරයා යාපනය, මුහමලේ මිරිසුව්ල් ප්රදේශයේ කදවුරක රාජකාරි කරන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිළධාරීයෙක් බව පොලිසිය කීය.
පානදුර උතුර පොලිසියට පැමිණිලි 6 ක්, පානදුර දකුණ , දෙහිවල, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද කල පැමිණිලි කිහිපයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකාර මේජර් වරය පසුගිය 10 දා නිවාඩු ලබා නිවසට පැමිණ සිට ඇති බවද පොලිසිය පවසයි .
බිරිඳ විසින් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද මුදල් මේජර් වරයාගේ ගිණුමට බැරකර ඇති බවටද දැනගන්නට ලැබී ඇතැයිද පරීක්ෂණ නිළධාරීයෙක් කීය.
සැකකාර මේජර් වරයාගේ බිරිඳ ද සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බවද සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්