හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (12) දින කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අධි නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය සිය සැමියාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව පවසමින් ඉකුත්( 7) වෙනිදින සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනිණ.
මාරක රිය අනතුර සම්බන්ධයෙන් විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එකී පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය ගැටුණු බව කියන කන්ටේනර් රථය පැදවූ රියදුරාට කරන ලද දැනුම් දීමකට අනුව ඔහු එම අංශය වෙත නීතිඥවරයෙකු සමග පැමිණ පුරා පැය පහකට ආසන්නන් කාලයක් ප්‍රකාශ ලබා දී තිබිණි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 දශම 1 කෙළවර පිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි (25) වෙනිදින ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයකු මිය ගියේය.
අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇප මත මුදාහැර තිබිණි.
මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ද ගැටී මෙම අනතුර සිදුවී තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදු කෙරේ.