ග්රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා යන බවට පවසා පමුණුගම ප්රදේශයට ගොස් පමුණුගම තල්දියවත්ත ප්රදේශයේ දිය නාමින් සිටි සිටියදි කොස්තාපල්වරයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එච් එස් හෙට්ටිආරච්චි (24) නමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු බදුල්ල කෝට්ටේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ග්රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ප්රමුඛ එම අංශය පොලිස් කණ්ඩායම පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා, රාජකාරී කටයුත්තක් සඳහා පිටත්වන බවට සඳහන් කරමින් පෙරේදා (11) පමුණුගම ප්රදේශයට පැමිණ ඇති බව පොලිසිය සදහන් කරයි.
පිරිස පස්වරුවේ පමුණුගම තල්දියවත්ත මුහුදු ප්රදේශයට පැමිණ එහි මත්පැන් සාදයක් පවත්වා පසුව දිය නා ඇති බවද පොලිසිය පවසයි. එලෙස දිය නාමින් සිටි පොලිස් කණ්ඩායම අතර සිටි ඉහත කොස්තාපල්වරයා දියේ ගිලී මියගොස් පොලිසිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් සහ අවට පිරිස් දියේ ගිලුන කොස්තාපල්වරයාගේ සිරුර ගොඩගන්නා විටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය පවසයි. පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක