saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 6299 hours ago

LATEST

මහින්ද නාවලපිටියට පැමිණෙයි - නාවලපිටියම උණුසුම් වෙයි

calendar_today 2022 ඔක් 16 - 12:20 remove_red_eye - 3143  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ 16ක මන්ත්‍රීවරු 99ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරු පිරිසක් වට ‌‌මේස සාකච්ඡාවකට ඒක්ව තිබේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මෙම වට මේස සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

Read More

2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවදුරටත් සෘණ අගයක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධන වේගය සෘණ සියයට 3ක් පමණ වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

Read More

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.

Read More

මේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ණය ‌ශ්‍රේණිගත කිරීම පහත දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලාංකික මහාචාර්යයවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නවෝත්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකතන යෙදුමක් ඩොලර් මිලියන 179කට අලෙවි වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

Read More

රුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.

Read More

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.

Read More

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම ‌පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.

Read More

මේ වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසර අවසන් විට ලබන පාඩුව බිලියන 4000ක් පමණ වනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

(UPDATE) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවේ අවසන් කෙටුම්පත අද (05) ජිනීවාහි 51 වැනි ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළේය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවීම සිදුවන අතර එය අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය යන අතරතුර සිංගප්පූරැවට ගිය අවස්ථාවේ දිවා ආහාරය ගෙන තිබෙනුයේ මහබැංකු මංකොල්ලය සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සමග බවට පැහැදිලිව සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

මන්ත්‍රීවරයා සඳහන් කරනතෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවත්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

පසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

උසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

Read More

අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය ’’තමන්ගේ කොටස’’ කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසූකි මහතා ප්‍රකාශ කළේය.

Read More

සොබාදනවි එල්.එන්.ජී. බලාගාරය ලබන වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිතව තිබෙන 2.5%ක සමාජ ආරක්‍ෂක බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් එදින සිට සහල් කිලෝවක මිල රුපියල් 6.00කින් ඉහළ දැමීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩිසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බව එහි සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.