ආණ්ඩුව වෙනස් කරන්න අරගල කරන්න දෙන්නේ නෑ - ජනපති
අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත් එසේ කිරීමට කටයුතු කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (23දා) පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් පැවැසීය.
"ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම බලපත්‍රය අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න.
ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ.
හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ.
දැන් රටේ මිනිස්සු ඒ අයත් එක්ක නෑ. ගිනි තියන්න කිව්වේ මොන මාධ්‍යයද? මම ඒකට කොමිෂන් සභාවක් පත්කකරනවා ඒක හොයන්න.
මම නම් පාර්ලිමේන්තුව විසුරුවා හරන්නේ නෑ. ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම කෙනෙක්ටම දේශපාලනය එපා වෙලා තියෙන්නේ. රැස්වීම් වල ඉන්නේ පරණ මූණු. සජබයට එන අයගේ මූණුත් මම දන්නවා.
මනාප ක්‍රමය තියෙනකම් දූෂණය තියෙනවා. ඒ කාලේ මිලියන 50ක් 100ක් වියදම් කරනවා. අද ඩොලරය 380යි. ඡනද කරන්න බෑ. මම විපක්ෂයට කියනවා එන්න වැඩ කරමු. මට මේ ඔක්කොම එක්ක වැඩ කරන්න පුළුවන්."
popular news
-
Deepal Nirosh Wednesday, 23 November 2022 08:15 AM
ප්‍රතිපත්ති කුමක් වුවත් මහජන මතය කවරක් වුණත් මේ කතාව නම් සැබෑ නායකත්වයක ලක්ෂණයක්. මේ කතා කරන විදියටම තීරණ ගන්න පුළුවන් වුවොත් රටට අනිවාර්ය යහපතක් වේවි.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 23 November 2022 01:24 PM
Who were you ? Where were you ? You are a by-product of the Aragalaya, genuinely. Don't be treacherous !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

