ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
ඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read Moreමන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේදි අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read Moreවිදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියෙන් තමා වෙත පැවැරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (08දා) සවස නිකුත් කරනු ලැබීය.
Read Moreහිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව හෙට දිනයේදී බොහෝ විට ඔහු එම ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreමැයි 9දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.
Read Moreසමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.
Read Moreතමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා. අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන් ගැන පමණක් සිතා තමන් ගැන සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read More’’මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ’’ යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි. “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.’’ යැයි ඔහු පවසයි.
Read Moreමම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
Read Moreලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
Read More“රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස දැනුවත් කර තිබෙනවා”
Read Moreරුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.
Read Moreකොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.
Read Moreකාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read MoreHS ඛේත 369ක භාණ්ඩ ආනයන කිරීමට පනවා තිබූ බාධා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාල භාණ්ඩ ජුනි 01 දා සිට ආනයනය කිරීමට අවසර ලැබෙන නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read More2019දී හඳුන්වා දුන් දුම්වැටි සඳහා බදු අයකිරීමේ සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 85ක් පමණ වන බව Public Finance LK පවසයි. මේ අනුව 2020 වසරේදී රුපියල් මිලියන 20000 , 2021 වසරේදී රුපියල් මිලියන 28 768 , 2022 වසරේදී රුපියල් මිලියන 35 527ක ආදායමක් මෙසේ රජයට අහිමි වී ඇතැයි එම ආයතතනය පවසයි.
Read Moreරාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read More