බදු කපපු නායකයාට උදේට ඇවිදින්න යන වියදම රු 150000යි
රටේ බදු ඉවත්කරමින් රට බංකොලොත් කළ නායකයාට උදෑසන ඇවිදීම වෙනුවෙන් රුපියල් 150000ක පමණ වියදමක් යන බවත් එම මුදල් ජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“අපේ රටට විදේශ විනිමය එන හැම අංශයකමට පහර එල්ල වෙන කොට විපක්ෂයේ අපි කනගාටු වුණත් රජය මේ පිළිබඳව ක්‍රියාත්මක කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා.
දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා. අද කථා කරන්නේ තෙල් ගනුදෙනුවේ දූෂණයක් ගැන ගෑස් ගනුදෙනුවේ දූෂණයක් ගැන. කෝටි ගණන් මේ රටේ මිනිස්සුන්ගෙ අයිතිය දෙන්නේ නැතිව පාලකයන තමනගේ සුඛ විහරණය වෙනුවෙන් තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන එක වැරදියි.
ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම අවශ්‍යයි. ජනාධිපතිතුමා සමුළුවට එක්වීම ගැන ගැටලුවක් නෑ. හැබැයි මාලදිවයිනේ කථා නායකවරයා අපේ කණ්ඩායමෙ ගෙනියන කොට මේ රටේ මිනිස්සු බලනවා මෙකද වෙන්නේ කියලා.හැම කෙනාගෙම බදු වැඩිකරලා.
බදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.”
popular news
-
Demuni Uduwara Tuesday, 08 November 2022 10:23 PM
President is disabled !
Reply : 0 0
Hema Friday, 11 November 2022 03:40 AM
When we see this type of news " our bodies fish dancing"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

