saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6215 hours ago

LATEST

මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙයි?

calendar_today 2022 මැයි 06 - 19:43 remove_red_eye - 9784  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා තිබේ. පොදු ප්‍රවාහනයද අඩාල වි තිබේ. කඩ සාප්පු වසා දමා ඇති අතර මාර්ගයන්හි වාහන ගමනයද සීමා වී තිබේ.

Read More

නියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිමෙන් ඡන්ද 148ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරීපත්විය.

Read More

2019 වසරේ බදු කප්පාදුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍ර් මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .

Read More

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

Read More

ඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත්, ශ්‍රී ලංකාව මෙම අරමුදල් ඉන්දියාවෙන් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකළ අත්තනෝමතික බදු කප්පාදුවට පෙරාතුව පැවැති බදු ක්‍රමය මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අනුව ආදායම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, උපයන විට බදු සහ එකතු කළ අගය මත බද්ද ඉහළ නංවනු ඇති බවත් එමඟින් මුල්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.6ක සිට දක්වා 13 සහ 14 ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.

Read More

රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කළේය.

Read More

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

Read More

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.

Read More

ජනපතිවරයා තමන්ට ඉල්ලා අස්වෙන්න යැයි සඳහන් කළ නොමැති බවත් ඔහු එසේ නොකියනු ඇතැයි තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

රුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.

Read More

මොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය දාගෙන මේක කරන්න හදනවනම් මම හිතන්නේ නෑ අනෙක් අය මේකට කැමතිවෙයි කියලා.

Read More

අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.

Read More

ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

Read More

ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද (20දා) සවස විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.