පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට තීරණයකර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කළේ ය. බනිස් ඇතුළුව අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.
ලංකා ඉන්දය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 75කින් හා පෙට්‍රල් මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.
Read Moreමෑතකදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ඒ ඒ අමාත්‍යාංශවල විශය පථය හා කාර්යයන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreරුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 229.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජයන්ත සමරවීර මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.
Read Moreපෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.314ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreවිදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (08දා) දිනයේදීත් සමහර ප්‍රදේශවලට පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත්වන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් හා එහි සාමාජිකයන්ගෙන් අද ඉල්ලා සිටියහ.
Read Moreමහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
Read Moreරජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.
Read Moreපසුගිිය ජනපතවරණ සමයේදීි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව හිටපු අමාත්‍ය විමල් විිරවංශ මහතා පැවැසිය.
Read Moreආණ්ඩුවේ ප්‍රධානතම හxzවුල්කාර පක්ෂය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreඅමාත්‍ය උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. ජනපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreරුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
Read Moreවිදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (03දා) දිනයේදීත් පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඅඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02දා) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි
Read Moreවිදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (02දා) දිනයේදී පැය හතහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ පැවසූ
Read Moreඇපල් මිදි ඇත. තෙල් ටික නැත. මී පැණි ඇත එහෙත් ඖෂධ නැත. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටියි. නැත්තේ ඩොලර්ය.
Read Moreයුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය.
Read Moreඅප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සැසිවාර දෙකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreඅද (28දා) දිනයේදී පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreරුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 240 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය කියයි.
Read Moreරුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.
Read More(update) රුසියාව සමගන් සාකච්ඡා කිරමට යුක්රේනය එකඟතාව පළකර ඇතිි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.
Read More