saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 229 hours ago

LATEST

ඇතෙක් නිසා ඉහළපුලියන්කුලම ජනතාව බියෙන්, ඇතාත් අනතුරෙ

calendar_today 2025 අගෝ 08 - 10:43 remove_red_eye - 570  

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම හා ඒ අවට ප්‍රදේශයට මෑතක සිට රාත්‍රී කාලයට කඩාවදින ඇතෙකු සිදුකරන පහරදීම් ,අනතුරු හා දේපොළ හානි හේතුවෙන් එහි ජනතාව භීතියට පත්වී සිටිති.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කර තිබේ.

Read More

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (08) රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

Read More

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි.

Read More

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධූරය සඳහා වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම එවා ඇති අතර, එම නම රැස්වීමේ අවසන් අවස්ථාවේ ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මීළඟ දිනයට ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇති බවද වාර්තා විය.

Read More

භෝග වගාවන් 06 කට අදාළව 2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේ රුපියල් මිලියන 1484 ගෙවා අවසන් කර තිබෙන බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read More

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිස්වලට දුෂ්කරතාවන්ට මුහුණබොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත් පෑමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

2014 හා 2017 වසරවලදී සබරගමු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා මාසිකව තමන්ට හිමි ඉන්ධන දීමනාවටට අමතරව තවත් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුවේදී අණාවරණය විය.

Read More

රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද (07) එකගතාවය පළ කළේය.

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහි විමර්ශනය සමථයකට පත් නොකරන බවත් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බවත්, අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (07දා) දැනුම් දුන්නේය.

Read More

මේ වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය අද (07දා) අවසන් විය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක් දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිගැන්වීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Read More

මාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්‍රදේශයේ තිබී වන අලි සිරුරක් අද 07 උදෑසන හමු වූ බව මහියංගණය පොලිසිය පැවසීය.

Read More

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.

Read More

වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

සුප්‍රීම් සැට් සමාගම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු 08/07 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මහනුවර–යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක්, අද (7දා) උදෑසන අනුරාධපුර ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව, එම වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ති‍රප්පනේ පොලිසිය පවසයි.

Read More

ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්වා තවත් සියයට 25කින් වැඩි කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කොට ඇති නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ සිටුවන ලද වටිනා මී ගසක අතු කපා දමා ඊට හානියක් සිදුකළ ව්‍යාපාරිකයකුට ඒ හා සමාන ගස් දෙකක් සිටුවීම සඳහා රුපියල් 20,000ක මුදලක් අය කරගෙන තිබේ.

Read More

2025 අගෝස්තු මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (06) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අනුව පාර්ලිමේන්තුව අගෝස්තු 19 සිට 22 දක්වා රැස්වීමට නියමිතය.

Read More

නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා අනුමතිය කඩිනමින් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read More

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබුන මීමුරේ මාර්ගය නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.

Read More

දුම්රිය ගේට්ටු වසා තිබියදී ඒ හරහා අනාරක්ෂිත අයුරින් ගමන් ගන්නා රථවාහන අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කරන වැඩපිළිවෙළ රට පුරා තීව්‍ර කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

Read More

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06දා) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

Read More

2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක් පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමරිකාව සමග ඇති කරගත් එකඟතාව කුමක්ද යන්න වහාම රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට අවධාරණය කර සිටී.

Read More

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.