මාර්ග නීති රීති උල්ලංඝණය කළ රියදුරන් වටලා ගෙවී ගිය ගිය වසරේ දඩ මුදල් ලෙස රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හතලිස්දහස් පන්සීයක් වාර්තාගත ආදායමක් රජයට ලබාදීමට හැකිවූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සිය පොලිස් ඉතිහාසය තුළ මාර්ග නීතිරීති උල්ලංඝණය කළ රියදුරන් වටලා මේසා විශාල දඩ මුදලක් රජයට අයකර දුන් පළමු අවස්ථාව මෙය බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ දඩ මුදල්වලින් වැඩිම ප්රමාණයක් අයකර ගත්තේ බීමතින් රිය පදවා අධිකරණයට යොමු කළ රියදුරන්ගෙන් බවත් එම වසර තුළ බීමත් රියදුරන් හයසීයහතලිස් අටක් වැටලූ බවද පොලීසිය කියයි.