මේ වන විට දිවයිනට ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය බලපා ඇති බවත් එය පෙබරවාරි අවසන් වන තෙක් පවතිනු ඇති බවත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය.
ඉන් අනතුරුව අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ඇතිවන බවත් එය මාර්තු සිට අප්‍රේල් දක්වා පවතින බවත් ඔහු පැවැසිය. මෙම තත්ත්වයන් යටතේ මාර්තු අවසන් වන තෙක් සැලකිය යුතු වර්ෂාවක් නොලැබෙන නමුත් ලබන 23 සිට 26 දා තෙක්
.තාවකාලිකව වැස්ස වැඩිවෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දිරියේදි වැසි අඩුවීමක් බලාපොරොත්තු වන බැවින් අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් ඔහු දන්වා සිටියේය.
මේ වන විට දිවයිනට සුළං හමන්නේ ඉන්දියාවේ ගොඩබිම් ප්‍ර දේශවල සිට බැවින් සීත කාලගුණ තත්ත්වයක් පවතින බවත්
විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ මෙම සීත කාලගුණ තත්ත්වය පවතින බවත් ඔහු පැවැසීය.් සමහර පළාත්වල මිහිදුම් සහිත කාලගුණයක් පවති බවත් නුවරඑළියට මල් තුහින ඇතිවෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.