එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එයි
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා 01/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .
ඔවුන් මෙරට තුළ ගත කරන කාළය තුළ එක් දින ක්‍රිකට් තරග 03 කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිතය .
එහිදී එළඹෙන 01/22 දින , 01/24 දින සහ 01/27 දින වල එක් දින තරගාවලිය , දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
එසේම මෙම මස 01/30 දින , පෙබරවාරි මස 02/01 සහ 02/03 යන දින වල විස්සයි විස්ස තරගාවලිය , රාත්‍රී තරගාවලියක් ලෙස පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
මෙම තරගාවලිය සදහා සහභාගී වීම සදහා නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 01/19 දින උදෑසනය 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සමග එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි .
මෙම කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය , පොලිස් විශේෂ කාර්යය බළකාය සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීවරුන් ගුවන් තොටුපොළ තුළ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

