ගාල්ලේ රැදවියා මියගියේ සුෂුම්නාව කැඩීමෙන්
ගාල්ල බන්ධනාගාරයේ ළිඳට වැටී සිටි රැදවියා මියගොස් ඇත්තේ සුෂුම්නාවට බරපතල හානි සිදුවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී.පෙරේරා මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අක්මීමණ ගොනාමුල්ල පදිංචිකරුවෙකුවු සමරවිර ගමගේ මිථිල මාධව නමැති 27 හැවිරිදි රැදවියෙකි.
මොහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රරක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි.ඔහු 15 වන දින උදේ බන්ධනාගාරය තුල පිහිටි ළිදේ නාමින් සිට ඇති අතර පසුව ඔහු ළිඳේ වැටී සිටියදි ගොඩට ගෙන බන්ධනාගාර රෝහල මගින් කරාපිටිය රෝහලට යවා ඇත. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු 18වන දින මියගොස් තිබේ.
පසුව ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා බන්ධනාගාරය තුලට ගොස් මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවත්වු අතර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මළ සිරුර මියගිය අයගේ මවට බාර දිමටද නියෝග කලේය.
මේ සම්බන්ධ සාක්කි විමසිම පෙබරවාරි 09වන දිනට කල් තබන ලදි. ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දහනායක සැරයන් කරුණාරත්න(59024) යන මහත්වරුන් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
අහංගම සුමතිපාල දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

