අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගය ගේනවාද නැද්ද? - පාර්ලිමේන්තුවේ විවාදයක්
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන අද(20දා) පාර්ලිමේන්තුවේදී විවදයක් ඇති විය.
එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂයෙන් විමසිමක් සිදු කරනු ලැබුවේ එම විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද යන්නය.
එය විපක්ෂයේ කාර්ය භාර්යක් බැවින් විපක්ෂයට අවශ්‍ය අවස්ථාවක විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක - අගමැතිතුමියට විරුද්ධව විශ්වාසභංගයක් අත්සන් කරන් යනවා කියන එක ඉතාම වැදගත්, ඉතාම බරපතල කරුණක්. විශ්වාසභංගයක් අත්සන් කරලා ඒක ඉදිරිපත් නොකර ඉන්න එක ගැටළුවක්. අපි කැමතියි 22 සහ 23 යන දවස් දෙක අවශ්‍ය නම් ඒකට ලබා දෙන්න. අපි දැනගන්න කැමතියි විපක්ෂය පැත්තෙන් ඒ විශ්වාසභංගය ඉදිරිපත් කරනවාද නැද්ද කියලා ?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක - ඒක විපක්ෂයේ කාර්ය භාර්යක්. අපි සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට කටයුතු කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

