ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡාවක්
ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කෙරිණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති එම අනුකාරක සභාව ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් සහ තනතුරු අනුව ස්ථානගතකර ඇති ආකාරය දැක්වෙන සහ ඉදිරි වසර 5 සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම ඇතුළු කාරක සභාව විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. විදුහල්පති පළමුවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුර ම පමණක් දැරීම, සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.
මේ අනුව මෙම යෝජනා පිළිබඳ අමාත්‍යාංශයේ ද යෝජනා සහ අදහස් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දෙන ලදී. අනතුරුව මීට අදාළ අවසන් නිර්දේශ සකස් කිරීමට නියමිත බවත් අනුකාරක සභා සභාපතිවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

