පොලිස් පරීක්ෂකවරයෙකුට වසර හතක සිර දඬුවමක්
පහරදී තුවාල සිදුකිරීම,කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂක වරයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්රීනාත් ගුණසේකර මහතා විසින් වසර හතක සිර දඬුවමක් ඊයේ (16) නියම කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ සියඹලාණ්ඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පො.ප ඩී.එම් සුදු බණ්ඩා දිසානායක නැමති අයටය.
විත්තිකරු මීට වසර පහකට පමණ ඉහතදී හම්බේගමුව පොලීසියේ සේවය කරමින් සිටියදී අයුතු ලෙස පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා ගෙන පහරදී තුවාල සිදුකිරීම,කෘර වධ හිංසා කිරීම යන අධි චෝදනා යටතේ කොළඹ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබිණි.
සිර දඬුවමට අමතරව රුපියල දස දහසක දඩයක්ද,එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද වින්දිත තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද වන්දිය නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක්ද නියම කළේය.
රජයේ අධි නීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල මෙහෙයවීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

