මෙල්බර්න් නුවර පිහිටි විහාරස්ථානයකදී දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන්, 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13 ක සහ මාස දෙකක සිර දඬුවමක් නියම කිරීමට මෙල්ර්න් ප්රාන්ත අධිකරණයක් නියෝග කර තිබේ.
විජිත හිමියන් මෙල්බර්න් නුවර ගිනිකොනදිග ප්රදේශයේ පිහිටි 'ධම්ම සරණ' විහාරස්ථානයේ ප්රධාන භික්ෂූන් වහන්සේ ලෙස කටයුතු කළ අතර, එම තනතුර හේතුවෙන් ශ්රී ලාංකික බෞද්ධ ප්රජාව අතර උන්වහන්සේට ගෞරවයක් හිමිව තිබුණි.
සිර දඬුවම අවසන් වීමෙන් පසු උන්වහන්සේව රටින් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, ස්වීඩනය වෙත ආපසු යාමට තමන් කැමති බව උන්වහන්සේ අධිකරණය හමුවේ ප්රකාශ කළහ.

