ශ්‍රී ලංකා තානාපති අනෝජන් සිවරාසා හමුවෙයි
සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස්, එහි රඳවා සිටින අනෝජන් සිවරාසා මහතාගේ සුවදුක් විමසා බැලූ බව සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම සංචාරය අතරතුර, තානාපතිවරයා අනෝජන් සිවරාසා මහතා සමඟ පුළුල් සාකච්ඡාවක නිරත වෙමින් ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව කරුණු විමසා තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, හැකි සෑම කොන්සියුලර් සහ නීතිමය සහයක්ම ලබා දීමට තානාපති කාර්යාලය තුළ ඇති කැපවීම ඔහු නැවත තහවුරු කළේය.
සෘජු සන්නිවේදනය පහසු කිරීම සඳහා තානාපතිවරයා සිය සම්බන්ධතා විස්තර ද අනෝජන් සිවරාසා මහතා වෙත ලබා දුන්නේය.
මෙම හමුවෙන් අනතුරුව, අනෝජන් සිවරාසා මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන බවත් තානාපති අමීර් අජ්වාඩ් මහතා තහවුරු කළේය.
එමෙන්ම තානාපතිවරයා දමාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා ද හමුවිය.
අනෝජන් සිවරාසා මහතාගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් ලබා දෙන රැකවරණය සහ
අවධානය වෙනුවෙන් තානාපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අනෝජන් සිවරාසා මහතාට අවශ්‍ය සහාය ලබා දෙමින් සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

