දෙහිවල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ තොරතුරු මත එම අපරාධකරුගේ සමීපතමයෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත එම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මඩපාත ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක නවීන පන්නයේ තෙමහල් නිවසක් ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරගේ නමින් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව එම කාර්යංශය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව රුපියල් මිලියන 35 ක් පමණ වටිනා අදාල දේපල විකිණීම, පැවරීම හා වෙනයම් ක්‍රියාදාමයක් සිදු කිරීම වැළැක්වීම පිණිස 2026.10.09 දින සිට දින 14 ක කාලයක් එම දේපල සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත. නීති විරෝධී විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.