saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11794 hours ago

LATEST

ජනපති සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්

calendar_today 2018 ඔක් 17 - 19:35 remove_red_eye - 547  

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැතිවරයා අද (17දා) දුරකථනයෙන් එකිනෙකා අමතා ඇති බවට වාර්තාවේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

Read More

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවැති මන්නාරම,මුල්ලිකුලම්හි පිහිටි අක්කර 23ක හා මුලතිව්, මුල්ලිවයික්කාල්හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය, තොප්පූර්හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර ඇත.

Read More

මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

Read More

ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.

Read More

(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

Read More

තමාව ඝාතනය කිරීමට ඉන්දීය බුද්ධි අංශ කටයුතු කරන බවටත් ජනපතිවරයා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ආබාධයක් හේතුවෙන් ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග සියල්ලම අහිමි වී තිබේ.

Read More

ජනතා සේවය කෙතරම් සිදු කළද, තමන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර හා පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවිය.

Read More

සතිපතා කැබිනට් හමුවට අදාළව ඊයේ (16දා) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදි සිදුවූ සිදුවිම් පිළිබඳව අද දිනයේදි මාධ්‍ය පළකර ඇති වාර්තා අසත්‍ය බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉන්දීය රෝ (RAW) ඔත්තු සේවය විසින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැවැසූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

අපේ රටේ වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ කියන එක අපි කවුරුවත් දන්නවා. පාර්ලිමේන්තුවෙ හදන ආහාර බෝහෝ වෙලාවට ඒ දිනට අවශ්‍ය මන්ත්‍රීවරු නෑ. බොහෝ වෙලාවට මන්ත්‍රීවරු හිටියත් ඒ අය පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැතිව යනවා.

Read More

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණ.

Read More

මූල්‍ය අංශය සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කරයි

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ‌මේ බව නොදන්නා බව ජනපති පවසයි.

Read More

තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් කළේය.

Read More

වෙල්ගම පාර්ශ්වයට හා මහින්දානන්ද පාර්ශ්වයට මහින්ද අවවාද කරයි

Read More

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලංකාවට ලැබුණ සෙතක් නොමැති බව ජනපති පවසයි.

Read More

රුපියල අස්ථාවරවීම පාලනය කිරීමට ආනයනය සඳහා ආණ්ඩුව කොන්දේසි පනවා තිබීම අතීසාරයට අමුඩ ගැසීම වැනි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මෙම පිරිස පසුගිය 20 වැනිදා සිට සරසවියේ පරිපාලන ගොඩනැගිල්ලට පිවිස පරිපාලන කටයුතු සඳහා බාධාකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Read More

ව්‍යාජ වීසා භාවිත කොට ඇල්ජීරියාවට යෑමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (16දා) උදෑසන කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කුසල්ගේ කළවයේ ආබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී ඇති බව වාර්තා වෙයි.

Read More

තීන්ත හා ලැකර්වල අඩංගු ඊයම් ප්‍රමාණය නිෂ්පාදනයේ ලේබලයේ සටහන් කළ යුතුව තිබුණද, ආයතනවලින් 98%ක් පමණ මෙම නීතිය ක්‍රියාත්මක නොකරන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.