ජනපති මංගලට සතියක කාලයක් දෙයි
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනපතිවරයා මෙම උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානයක් යොමුව තිබේ.
දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

popular news
-
Champa Wednesday, 17 October 2018 05:56 AM
හා හා හා අවුරුදු 4 කට පස්සේ ඇස ඇරිලා දැනුයි වැඩ කරන්න යන්නේ. නහය ලඟට ගිලුනට පස්සේ. ඒගොල්ලන්ගේ infighting අපිට වැඩක් නැහැ. ඇයි මොකොද අපි කිව්වද මෛත්‍රීටයි රනිල්ටයි එකතු වෙලා ආණ්ඩු හදන්න කියලා? දැන් තමයි පේන්නේ පැහෙන හැලියේ කකුළුවෝ දඟලනවා. ඒ හින්ද ඇතුලේ fight. යහපාලන ආණ්ඩුව කොටස් වශයෙන් නැතුව සම්පූරණයෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. මහින්දටයි ඒකාබද්ධ විපක්ෂෙටයි යහපාලන ආණ්ඩුව කියන්නේ රනිලුයි යූඑන්පී කාරයොයි වුනාට ජනතාව පැත්තේ ඉන්න අපිට නම් යහපාලන ආණ්ඩුව කියන්නේ ජනාධිපති අගමැති සහ ආණ්ඩුව යන 3ම. කිසි දවසක විශ්වාස කරන්න හොඳ නැහැ. රටට කරපු අපරාධෙට මේ තුන්ගොල්ලොම එක වගේ වග කියන්න ඕනේ. ඒ හින්දා මේ තුන් ගොල්ලොම ඉල්ලා අස්වෙන්න ඕනේ එකම දවසේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කරන්න තියෙන එකම දේ මෙච්චරයි.
Reply : 0 13
aruna Wednesday, 17 October 2018 10:08 AM
ආදේශන කර්මන්ත් ඇති කිරීම් කෙටිකාලීනව කල නොහැක. එය දිගුකාලින විසදුමකි. එම්පොර්ට්ස් අඩු කිරීම් මගින් කෙලින්ම ආර්ථිකයේ සන්කොචනක් හා විරැකියාව වැඩි විය හැක. මෙය ගුණක අනුව සිදුවේ. එම නිසා මෙය සාර්ථක විසදුමක් නොවේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

