තෙඹුවන සැරයන්ට රු. ලක්ෂ 10ක් - යළි සේවයේත් පිහිටුවයි
තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
සරත් ගුණවර්ධන මහතා ඊයේ (16දා) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මෙලෙස යළි සේවයේ පිහිටුවා ඇත.
එමෙන්ම ගුණවර්ධන මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාව සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහාය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ10ක මූල්යපරිත්යාගයක් සිදුකළ බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 17 October 2018 05:47 PM
මේක නම් හොඳ වැඩක්. මේ දෙන්නේ මහජන මුදල්. නිදහස ලැබුනේ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරපු නිසා. සාජන් මහත්තයට සාධාරණය ඉෂ්ඨ වෙච්ච එක ගැන සන්තෝසයි.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

