DIG නාලක සිල්වාගේ සේවය අත්හිටුවන්න - පොකො පොලිස්පතිට කියයි
නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජාතික පොලිස් කොමිෂම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දන්වා යවා තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.
එම අමාත්‍යාංශය විසින් ජාතික පොලිස් කොමිෂමට මෙම නිර්දේශ මිට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කර තිබේ.

popular news
-
Champa Wednesday, 17 October 2018 05:52 PM
ඇයි අර පඟර නැට්ට නාමල් කුමාරව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? එහෙම අරන් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල හොයන්නත්තේ? මිනිහ මේ කතාවේ ලොකුම චරිතය. මාස ගානක් තිස්සේ මිනිස්සුන්ට විශ්වාසවන්තව ඉඳල ඒ මිනිස්සු කියපුව record කරලා දැන් පාවලා දුන්න කියලා මිනිහ නිදොස් වෙන්නේ නැහැ. 2000ක් ද කොහෙද තියෙනව කිව්වා නේද මේ වගේ කතා? ඇයි කලින්ම ආවේ නැත්තේ? හරිනම් පලවෙනි එකෙන්ම ඇවිල්ල පොලිසියට කයන්න තිබුනේ. මිනිහ මේවා එකතු කරලා තියෙන්නේ මුදලක් හොයා ගන්න මිසක් වෙන දේකට නෙමෙයි. මිනිහ මේක කරන්නේ රැකියාව විදිහට.
Reply : 0 0
rocky Wednesday, 17 October 2018 06:12 PM
අවම සුදුසුකම් වත් නැතුව මුන්නහේ පස්ස දොරෙන් පොලිසියේ ලොකු තනතුරකට රිංගුවා කියලා පොලිසියෙන්ම චෝදනා තියනවලු නේද? ඒකට මොකද වෙන්නේ? පොලිසියෙන් ඉවත් කරලා සයිටම් එකේ විසේසඥ වයිද්යවරයෙක් කරනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
