නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
නාමල් කුමාර විසින් ඉදිරිපත් කර ඇති හපටයේ ඇති හඩ ඩී.අයි.ජී නාලක සිල්වාගේ බවට තහවුරු කර තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසුවේ හඩ ඔහුගේ වුවත් එම හඩපටයේ ඝාතන කුමන්ත්‍රණයක් ගැන සාකච්චා නොවන බවයි.

popular news
-
Champa Wednesday, 17 October 2018 11:48 PM
මෙහෙම කතාවක් මුලදිමත් කිව්වනේ. මට නම් තේරෙන්නේ නැත්තේ මේ නාමල් කුමාරව මෙහෙයවන්නේ කවුද කියන එක මුලදීම හොයන්නේ නැතුව, මෙගා ටෙලි නාට්‍යයක් වගේ මේක අද්ද අද්ද අරන් යන්න මොකක්ද තියෙන උවමනාව කියලා?
Reply : 0 0
rocky Friday, 19 October 2018 08:26 AM
නාමල් කුමාර `වනාහී` පොහොට්ටු ලණුවලින් මෙහෙයවනු ලබන හිස් රූකඩයක්ද කියලා සැක හිතෙනවා. අර කියපු ඉන්දියන් ජාතිකයා වීරවංස මහත්තයාව හම්බු වෙන්න දෙසැරයක් ගියාලු. ඔහුගේ නොම්මර පවා උන්නැහේ දැන සිටි බවට ප්‍රකාශයක් කරලත් තියෙනවා. එහෙම නම් ඇයි, වීරවංස මහත්තයා ඔය කියන කුමාරට ඉස්සෙල්ලා ඒ ගැන පැමිලිනි නොකළේ? ඇයි ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

