ප්‍රශ්න ඇතුළෙ විසඳාගන්න
අභ්‍යන්තර ප්‍රශ්න බාහිර සමාජයේ කතානොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුමාර වෙල්ගම මහතාට හා ඔහුට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල අදහස් පළකළ මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්තේ පාර්ශ්වයට ඊයේ (16දා) අවවාද කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායක රැස්වීමේදී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.
හිතට එකඟව කතාකරන තමන්ට විරුද්ධව මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීම්වලදී අදහස් පළකර තිබෙන බවත්,නිදහසේ අදහස් පළකිරීමට අයිතිය තිබිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා පවසා තිබෙන අතර, ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා දෙපාර්ශ්වයටම අවවාද කළ බව වාර්තා වේ.
පක්ෂය අභ්‍යන්තරයේ කතාකර විසඳාගත හැකි ප්‍රශ්න බාහිර සමාජය තුළප්රසිද්ධියේ කතාකිරීමෙන් හා බැණගැනීමෙන් දේශපාලනික වශයෙන් සතුරන්ට වාසිවන බවත්,එය තේරුම්ගෙන ඉදිරියේදී කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමා ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙන බවත්,මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තමන්ට විරුද්ධව අදහස් පළකරන අය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ බිම බලාගෙන සිටියදී එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළකරමින් මධ්‍යම කාරක සභාවෙන් එළියට පැමිණි පළමු පුද්ගලයා තමන් බවත් වෙල්ගම මහතා පවසා තිබේ.
තමන්ට චෝදනා කරන සියලු දෙනා බියගුල්ලන් සේ හවුල් ආණ්ඩුවකට යෑමට කැමැත්ත පළකළ බවත්,තමන් කිසිවෙකුගේ ප්‍රකාශ හේතුවෙන් නොසැලී මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින බවත් හෙතෙම පවසා ඇත.
මෙම අවස්ථාවේදී කණ්ඩායම් රැස්වීම තරමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙන අතර, මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් සංග්‍රාමයක් පැවැති බව වාර්තා වෙයි.
මේ අතර, පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා විසුරුවාහැර තිබෙන පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද මෙහිදී තීරණයක් ගෙන තිබේ.
එම දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණවල වගකීම් පවරා තිබෙන අතර, එහි පළමු උද්ඝෝෂණය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, පවතින ආර්ථික අර්බුදය පැහැදිලි කර ගැනීම සඳහාත්,ඒ සඳහා විසඳුම් යෝජනා කරගැනීම සඳහාත් විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.

popular news
-
weliweriye dil Wednesday, 17 October 2018 11:16 AM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 77 12
Champa Wednesday, 17 October 2018 06:11 PM
Weliweriye දිල් නිකම් යනව හලෝ යන්න. සාප කරන්නේ පක්ෂ අනුවද? 60,000ක් තරුණයන් මැරුවට සාපෙ වදින්නේ නැත්තේ UNP හින්දද? එතකොට මිනිස්සුන්ව එල්ලලා මැරුවට කමක් නැත්ද? බඩගින්නට කෑම හොයාගෙන ගම් වදින සත්තු මැරුවට කමක් නැත්ද?
Reply : 0 0
Champa Wednesday, 17 October 2018 02:38 PM
මේ news එක එනකම් බලාගෙන හිටියේ දරුණු විවේචනයක් කරන්න. හැබැයි දැන් ඒක අඩු කරලා ලියනවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්රජාතන්ත්රවාදය නාය යමින් පවතිනවා. ගෝඨාභයට බැසිල්ට චමල්ට පක්ෂව අදහස් ප්‍රකාශ කරන්න විතරයි නිදහස. ඒ තුන්දෙනා එපා කියන්න නිදහස නැහැ. කිව්වොත් පහර ගහනව. 2015 මහා ජනතා බලවේගයක් එක්ක ගොඩ නැගුනු ජන පවුර, 2015 අගෝස්තු චන්දෙන් පස්සේ ජනතා සන්තක බලවේගයක් වුනු ඒකාබද්ධ විපක්ෂය දැන් රාජපක්ෂවරු පෞද්ගලිකරණය කරගෙන. මහින්ද වටා ඉස්සර තිබ්බේ එක කක්ෂයයි. ජනතාවගේ කක්ෂය. ඒකාබද්ධ විපක්ෂය දිව්වේ ඒ කක්ෂයේ. දැන් රාජපක්ෂ කක්ෂ හැදිලා. බෙදිලා දුවන්නේ ඒ කක්ෂ වල. ඒකාබද්ධ විපක්ෂ ඇතුලේ වෙල්ගම තනි හඬක් වුනාට එළියේ ඉන්නව සියයට 50කට වඩා ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නොවිය යුතුයි කියන. මමත් ඒ මතයේ ඉන්නව. මිනිස්සු එකතු වුනේ මහින්ද වෙනුවෙන් මිසක් ගෝඨාභය හෝ බැසිල් වෙනුවෙන් නෙමෙයි. අනික මහින්දට ආදරෙයි කියල අනිත් රාජපක්ෂවරුන්ට චන්දෙ දෙන්න මිනිස්සු බැඳිලත් නැහැ. මහින්දව මිනිස්සු ගෙදර යැව්වේ වටේ හිටපු අයගේ කෙරුවාව තවදුරටත් නොඉවසෙව්ව නිසා. පාඩමක් ඉගැන්වන්න. මිනිස්සු ආපස්සට යන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙය්
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

