saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11664 hours ago

LATEST

පාර්ලිිමේන්තුව නැවතත් කල් දමයි

calendar_today 2018 නොවැ 15 - 11:50 remove_red_eye - 1412  

පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට පැමිණ ඇති මාධ්‍යවේදීන් ඉන් ඉවත්කර නැවතත් සැසිවාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

Read More

“පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක කලින් මැතිවරණයකට යනවානම් යෝජනාවක් ගේන්න. ඒකට අපි සහාය දෙන්න ලෑස්තියි.”

Read More

කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි.

Read More

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තවමත් පාර්ලිනේතුවේ රැඳී සිටියි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුමක් නිර්මාන්‍ය වී තිබේ. මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිව තිබේ.

Read More

ඇමතිවරයා ලෙස අද රෑට පෙට්‍රල් මිල අඩුකරනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රටේ ආර්ථිකයට අතිශය වැදගත් වන රාජ්‍ය බැංකු දෙකෙහි සභාපති තනතුර සහ අධ්‍යක්ෂ මණ්ඩලය සති දෙකකට වැඩි කාලයක සිට රැස් වී නැතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශයට පවරාගැනීමත් සමග මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සභාපති තනතුරු හා අධ්‍යක්ෂ මණ්ඩල පුරප්පාඩු වූ බව එම සංගමයේ ලේකම් රංජිත් සේනානායක මහතා සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය ආරම්භ කළේය.

Read More

’’මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.’’

Read More

පාර්ලිමේන්තු කටයුතු දෙවැනි දිනයට ආරම්භ වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව අවහිර කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

දැනට රට තුළ උද්ගතව පවතින දේශපාලන අර්බුදය දැනට ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් එල්ල නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. එහෙත් මේ ගැටලුව හැකි ඉක්මනින්ම විසඳා ගැනීම අනිවාර්ය බව ඒ මහතාගේ අදහසයි. අධිපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (14) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කැඳවූ පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂයන් නායකයන් තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයේන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභගංය යෝජනාව සම්මත කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට හෙට දිනයේදී අගමැති ලෙස ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් නොමැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

බාලවයස්කාර දැරියකට ස්ත්රීො දූෂණය සිදු කිරිම හා බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනිම සදහා පොලීසිය මහජන සහය පතයි. 2018-10-30 දින මෙය සිදුව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළි‍වෙළ පිළිබදව ‌‌ මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.

Read More

යාපනයටමි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවේ. උතුරු පළාතේ බෝහෝ ප්‍රදේශවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද (14දා) වාර්තා කළේය.

Read More

මෛත්‍රී හොර පාරෙන් හදපු අගමැති පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී තිබෙන නිසා අගමැති කෙනෙකු පත් කර ගැනීම පාර්ලිමේන්තුව සතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

වසර දෙකක් සඳහා භාරකාර රජයක් පිහිටුවා ප්‍රජාතන්තවාදි ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙස දිදුලන හදවත සංවිධානය ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන්ගෙන් අද ඉල්ලීමක් කළේය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදීව ලැබී තිබෙන බලතල යටතේ ඉදිරියටත් ආණ්ඩු පක්‍ෂය ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කටයුතු කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Read More

‍ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් මෛත්‍රී - මහින්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත්, තමන් අමාත්‍ය ධුරය අත්හැරියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.