SLFP තව පිරිසක් ඉවත් වෙනවා - මනූෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් මෛත්‍රී - මහින්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත්, තමන් අමාත්‍ය ධුරය අත්හැරියේ මෙරට ප්රජාතන්ත්රවාදය හා යුක්තිය වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (14දා) මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"අපි හදපු ආණ්ඩුවෙන්, ඇමතිකමෙන් ඉවත් වෙලා විපක්ෂයේ අසුන් ගන්න මට පුළුවන්කම තිබුණා. අද මම සතුටු වෙනවා. එදා මම ගත්ත තීන්දුවත් එක්ක 113 හදාගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුව විසුවන්න තීරණය කළා. පාර්ලිමේන්තුව විසුරුවා තිබියදීත් නැවත ඇමතිකම්වල දිවුරුම් දෙමින් ඉතාමත් නිර්ලැජ්ජිත දේශපාලන ක්‍රියාවලියක නිරත වුණා.
මේ සිද්ධි තමයි අපි ප්‍රතික්ෂේප කළේ. මේවා තමයි ප්රජාතන්ත්රවාදී, සදාචාරාත්මක විරෝධී දේවල්. මේවා රටක සිදු නොවිය යුතු දේවල්. ලෝකයේ මොන රටක්වත් මේ අලුත් ආණ්ඩුව පිළිගත්තේ නැහැ. කථානායකවරයා පාර්ලිමේන්තුවේ බහුතරය අයිති කණ්ඩායමට කියන කාරණාවේ හිටියා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවත් සමග මේ නීතිවිරෝධී අගමැති ප්රමුඛ ආණ්ඩුව පලවා හරින්න පුළුවන්කම ලැබුණා. මේක ප්රජාතන්ත්රවාදයේ හැරවුම් ලක්ෂයක්. එහි මුල් වෙඩිමුරය පත්තු කළ මට වගේම ප්රජාතන්ත්රවාදය ගරු කරන සියලු දෙනාට අද සතුටු වෙන්න පුළුවන්.
මම ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මුල් පියවර තැබුවා වගේම අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අපට එකතු වුණා. මේ විදිහට ඉදිරියේදීත් තවත් කණ්ඩායමක් අපට එකතු වෙන්න සූදානම්" යැයිද ප්‍රකාශ කළේය.

popular news
-
chathuri Wednesday, 14 November 2018 06:55 PM
රනිල් අගමැති. තුමනි. තව. කට්ටියක්. අපේ පක්ෂයට එකතුවුන කියන කතා නතර. කරන්න. , පිල් මාරුකරන. අයව නෙරපන්න. අදයි දන්නේ. මේ කට්ටිය. වියවස් තාවට. අනුකුල නැහැ කියලා. සම්පුර්ණ බොරු , දුකේදී නැති. මිනිහ දැන්. මොකටද දැන් මේ කට්ටියගේ. බොක්ක. හිස්. වෙන බව. දන්නා. නිසා ඉක්මනට හේත්තු වෙන්න බලනවා පිල් මාරු. කරන්න අවශ්‍ය. නැහැ තමන්ගේ පක්ෂයේ. ඉදන්ම වැරදි. දෙයට විරුද්ද. වෙන්න. කොන්ද. කෙලින් කරන් අගමැති තුමනි අලුත්. කට්ටිය බදවා. ගන්න කිසිම. පක්ෂයක. අයට තනතුරු දීලා බදවා ගන්න එපා , එක්සත්ජාතික පක්ෂය. අමබැලමක් නොවෙයි ඉබා. ගාතේ යන අයට නතර වෙන්න ඔබ විශ්‍රාම යන්න ප්‍රථම මෙයට තහනමක් යොදන්න. නවක යින්ට. තැන දෙන්න , ඔබගේ කැපකිරීම් මොවුන්ට කියාදී පක්ෂය ශක්තිමත් කරන්න කිසිම ගෙම්බෙක්ට ඉඩ. දෙන්න එපා
Reply : 43 70
Champa Wednesday, 14 November 2018 07:36 PM
අනේ නිකම් ඉන්නවා. කවුද ඔහොම කරන්න කිව්වේ මෛත්‍රී මිසක්. එයාගේ අනුදැනුමක් නැතුව ඕක වෙන්නේ නැහැ. තොපි ඔක්කොටම .... තියන්න ඕනේ මහින්දට කරපු දේට.
Reply : 32 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

