saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11659 hours ago

LATEST

සම්මත වූ විශ්වාසභංගය ජනපතිට යවනවා - හකීම්

calendar_today 2018 නොවැ 16 - 15:33 remove_red_eye - 1632  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

අද (16) දින රැස්වූ පාර්ලිමේන්තුවද උණුසුම් මුහුණුවරක් ගත් අතර කථානායක කරූ ජයසුරීය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරයක් දක්නට ලැබුණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

’’අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන’’

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

මන්ත්‍රිවරු ඝාතතය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවත් ඒ අනුව එම කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තමන් මිරිස්කුඩුවලින් පහර දුන් බව ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

Read More

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

Read More

නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානයාක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක ආසනයත රැගෙන ගියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය විරුද්ධව තවත් විශ්වාසභංග ‌‌යෝජනාවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අත්සන් ගනිමින් සිටිති.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තවමත් පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ උත්සාහයක් තියෙන්නේ.

Read More

පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

Read More

තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

රුපියල් කෝටි විසි එක්දහසක වියදමින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සියයට අසූ හතරක් පිරි ඇතැයි ව්‍යා පෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු කණ්ඩායම් සමග වෙන වෙනම රැස්විම් ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතය.

Read More

ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

Read More

එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසයි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Read More

රට තව තවත් පරිහානියට ලක් නොකර වහාම පාර්ලිමේන්තුට පැමිණ බහුතරය කාට ඇත්දැයි සියසින් දැක, ව්‍යවස්ථාදායකත් සමග එක්ව රාජ්‍ය ස්ථාවර කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

Read More

කඩුවෙල ප්‍රදේශයේදි පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි මොටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හොරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 57ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනපති සඳහන් කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.