දේශපාලන අර්බුදය ආර්ථිකය සඳහා දැනට ගැටලුවක් වී නැහැ එහෙත් අර්බුදය වහා විසඳාගන්න

දැනට රට තුළ උද්ගතව පවතින දේශපාලන අර්බුදය දැනට ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් එල්ල නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. එහෙත් මේ ගැටලුව හැකි ඉක්මනින්ම විසඳා ගැනීම අනිවාර්ය බව ඒ මහතාගේ අදහසයි. අධිපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (14) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා දැනට පවතින මේ අර්බුදය විදෙස් ණය ගෙවීම සඳහා ගැටලුවක් වී නොමැති බවත්, එම ණය කළමනාකරණය කරගැනීමේ හැකියාව පවතින බවත් පවසා සිටියේය. එහෙත් වඩාත් සුදුසු වන්නේ මෙම තත්ත්වය සමනය කරගනිමින්, හැකි නම් පාර්ලිමේන්තුව වෙත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම බවද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.&දැනට පවතින නීති සහ රෙගුලාසි වඩාත් නම්‍යශීලී ආකාරයෙනුයි පවතින්නේ. ඒ නිසා ආර්ථිකයට වඩාත් සුදුසුම දේ වෙන්නේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්, ප්‍රතිපත්තිගරුක ආකාරයෙන් ආර්ථිකය ඉදිරියට රැගෙන යාමයි. එතැනදී අතුරු සම්මත ගිණුමක් හෝ ඉදිරිපත් කරමින් මේ කටයුතු පවත්වාගෙන යාමට හැකි නම් එය සුදුසුයි. අධිපතිවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

