වසර දෙකකට භාරකාර රජයක් පිහිටුවන්න
වසර දෙකක් සඳහා භාරකාර රජයක් පිහිටුවා ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙස දිදුලන හදවත සංවිධානය ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන්ගෙන් අද ඉල්ලීමක් කළේය.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි මහතා සඳහන් කළේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, පුරවැසි අයිතිය තහවුරු කිරීම, පක්ෂ මාරුව තහනම් කිරීම යන යෝජනා එම කාලය තුළදී ඉටුකළ යුතු බවයි.
රටතුළ ප්රජාතන්ත්රවාදය තහවුරු වූ පසුව මැතිවරණයකට ගොස් ජනතාව කැමති පක්ෂයක් බලයට පත්කර ගන්නා ලෙසද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ දේශපාලන වෙනස්කම කුමන්ත්‍රණයක් අනුව සිදුවූ බවත්, ප්රජාතන්ත්රවාදයේ මිනීපෙට්ටිය යට බූරු ගසන කාලය අවසන් කළ යුතු බවත් හෙතෙම කීය.
2015 ජනවාරි 08 ජනවරමට පිටුපා යමින් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවද ඔහු පැවසීය.
රවී සිරිවර්ධන, අසංක සායක්කාර, විරංජන හේරත්, කත්‍යානා අමරසිංහ, ඩබ්ලිව්.ජයසිරි, ප්‍රියන්ත කොඩිප්පිලි, ජයතිලක බණ්ඩාර යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළකළහ.





popular news
-
Champa Wednesday, 14 November 2018 08:04 PM
අවුරුද 2ක් කොහෙද? තව තියෙන්නේ මාස 13යි පාර්ලිමේන්තුවට. ඕක අවුරුදු 4 1/2ක් ගිහාම විසිරුවන්න පුළුවන්. ඒ කියන්නේ 2020 ජනවාරි වල පාර්ලිමේන්තුව විසිරුවල 2020 මාර්තු වෙනකොට චන්දෙ තියන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

