ඉදිරියටත් ආණ්ඩු පක්ෂය ලෙසට කටයුතු කරනවා - දිනේෂ්
ප්‍රජාතන්ත්‍රවාදීව ලැබී තිබෙන බලතල යටතේ ඉදිරියටත් ආණ්ඩු පක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතා යටතේ කටයුතු කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "ජනවරම යනු දෙවියන් වහන්සේ දුන් වරමක් බවයි දාර්ශනිකයන් කියන්නේ. ජනතාව දුන් වරම තවම අවලංගු වෙලා නැහැ. ව්‍යවස්ථාව අනුව ස්ථාවර නියෝග පිළිබඳ බලය ලැබී තිබෙනවා. පළමුව ජනාධිපතිගේ නිවේදනය මහලේකම් කියවිය යුතුයි. පසුව සභානායක පාර්ලිමේන්තුව කල්තැබීම සම්ප්රදායයි. බහුතර ආණ්ඩුවක් තිබුණත් සුළුතර ආණ්ඩුවක් තිබුණත් ඒ සම්ප්රදාය කඩ කරන්නේ නැහැ. නමුත් කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගැහුවා.
රට අරාජික කිරීමයි කථානායකගේ අපේක්ෂාව. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිගේ බලතල අනුව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කළා. ඒ ගැසට් නිවේදනයට ඇමතිවරු පත්කළ ගැසට් එකට යටත් වෙන්න ඔහුට සිදු වෙනවා. පාර්ලිමේන්තුව තුළින් රට අරාජික කිරීමයි කථානායක සිදු කරන්නේ.
වේත්‍රධාරීවරයා සෙංකෝලය අරගෙන ගිය පසුව පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තක් වලංගු වෙන්නේ නැහැ. ඒත් කථානායක ස්ථාවර නියෝගවලට පටහැණිව කටයුතු කළා. ආණ්ඩු පක්ෂය අද සහභාගි වුණේ නිවැරදි ලෙසම පාර්ලිමේන්තු කටයුතු සිදුකර ගෙන යෑමටයි" යැයිද ප්‍රකාශ කළේය.
popular news
-
shan saudi Wednesday, 14 November 2018 07:03 PM
දිනේෂ් යටට අදාලද දන්නේ ඉන්නේ මේවගේ මීහරක් තම රට පාලනය කර්රන් හදන්නේ මුන්ට ඕනේ රට විකුණගන කන්න නැතිව රට ගොඩ ගන්න නෙවේ කාලකන්නි අපතයෝ පැරදිලත් බලෙන් ඉන්න හදනවා ගහල එලවනල් නටපන්
Reply : 0 0
FAH Wednesday, 14 November 2018 07:12 PM
පින් අගමැති
Reply : 0 0
Nandana Wednesday, 14 November 2018 09:08 PM
කටු කන බල්ලෝ වගේ කියවන්න එපා ,ඔයාගේ පක්ෂය මොකක්ද? කටුස්සෝ වගේ උන්ට ලංකාවේ තැනක් නැත .
Reply : 0 0
rocky Thursday, 15 November 2018 05:30 AM
කොච්චර අල්ලලා විසි කෙරුවත් වැටෙන්නේ ආණ්ඩුවේ කාගේ හරි වලිගෙක එල්ලෙන්දන ? ඔහෙලාගෙන් මේ රටට වුන සත පහක පලක් නැහැ!
Reply : 0 0
Hubert Thursday, 15 November 2018 06:27 AM
අප්ර්සන්න පුද්ගලයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

