saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11535 hours ago

LATEST

සාකච්ඡා දිගටම - එජාපය

calendar_today 2018 දෙසැ 14 - 14:37 remove_red_eye - 3818  

වර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.

Read More

මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

කොළඹදී තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවිම සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

පෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය පවසයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි.

Read More

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වූ එ.ජා.ප පාක්ෂිකයින් ඇතුළු සියලුම පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය සහ ආචාරය පුද කරන බව පා.ම රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙත් කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කිරීමට නොහැකි බවට ජනපතිට කියන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව අපි පෙන්වා තිබෙනවා.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි

Read More

මේ නිසා භාණ්ඩ හිඟයක් ඇති වීමට පෙර භාණ්ඩ හිඟයක් ඇති බව සඳහන් කරමින් භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවිය නොහැකි බවද එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා සඳහන් කළේය. උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන නිසා එයට සරිලන ලෙස රටපුරා තොග බෙදාහැරීම සිදුකරමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.

Read More

මුත්‍රා ආසාදනයක් සඳහා මාරවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි දැරියක් සම්බන්ධයෙන් රෝහල් හෙද හා වෛද්‍ය නිලධාරීන්ට ඇයගේ ලිංගික ප්‍රදේශයේ පැවැති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර දැරියව පරීක්ෂා කිරිමේදී මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ.

Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා බොහෝ දක්ෂයන්ට හොඳ පාසලක් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

දුර ගමන් සේවා බස් රථ නවත්වන සියලුම ආපන ශාලා අඛණ්ඩව පරීක්ෂා කර බැලීමට දිස්ත්‍රික්ක වශයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන බව ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.

Read More

මෙම වැඩසටහනේ පළමු අධියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් එළැඹෙන 17 දා ආරම්භවෙයි.

Read More

හොරොව්පතාන පොලිස් වසමේ හබගම ප්‍රදේශයේ, යාන් ඔයේ දිය යට සගවා තිබූ, තවත් ගිනිඅවි කොටස් කීපයක් හා උණ්ඩ රැසක් නාවික හමුදා කිමිදුම් භටයන් විසින් ඊයේ දින සොයා ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.

Read More

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් හා මතුගම ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.

Read More

මාළඹේ තොරතුරු තාක්ෂුණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුථ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අප්‍රෙල් 25 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්ර්න් මහතා අද නියම කළේය.

Read More

මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා වයස අවුරුදු 70ක විශ්‍රමික ගුරුවරයෙකු බාහිර අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටි බව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වර්තා වේ.

Read More

අද ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා.

Read More

අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.