මාලිංගගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමට ජනපති අනුමැතිය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.
17 දෙනෙකුගේ යුත් සංචිතයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.
ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නව තේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබේ. සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

popular news
-
samson Friday, 14 December 2018 03:37 PM
මාලිංග සහ ටීම් එකට අවවාදයක්! හෙට වෙනකොට අනුමැතිය වෙනස්වෙන්න ඉඩ තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

