ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
“ජනපති දැන් වැරදි කාරයෙක් වෙලා ඉවරයි. රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතු වෙනවා. නැත්නම් විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා. වහාම ආණ්ඩුවක් පත්කිරිමට කටයුතු කළ යුතුයි.
අධිකරණය දුන් තින්දුවක් එක්ක ජනතාව ඉදිරිය ක්‍රියාමාර්ග ගනීවි. ජනපතිට දෝශාභියෝගවක් ගේනන පුළුවන්. මේ තීන්දුව ප්‍රමාණවත්. බලමු ඉදිරියට මේ වගේ විකාර වැඩ කරනවානම් එවැනි තත්තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් එය අනුමත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕන”
popular news
-
වෙබ් බුවා Thursday, 13 December 2018 06:26 PM
ජවිපෙ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නෙ රනිල් මහතාට අගමැති තනතුර දෙන්න කියලා නේද ? දැන් ඒ අය මාක්ස්වාදය අතහැර රනිල්ගේ නව ලිබරල් වැඩපිලිවෙලට අනුගත වෙලා වගෙයි
Reply : 3 117
Deepal Nirosh Thursday, 13 December 2018 09:37 PM
රනිල්ට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු යෝජනාවට ඡන්දය දීමෙන් වැළකුණා. දැන් එළියෙ ඉඳන් කියනව බහුතරය තිබෙන අයට අගමැති ධුරය ලබා දිය යුතුයි කියල.අධිකරණ නියෝගය ආ පසු ගේනවයි කියපු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව ගැන දැන් කතා නැහැ. දැන් කියන්නෙ මීළඟ ඉලක්කය 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමයි කියල. ඉතින කඩේ යාම ගැන තව මොනවට ද සාක්ෂි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
