බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක්කළ අයෙකු අත්අඩංගුවට
07 හැවිරිදි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට පැවසෙන ඇයගේ සීයාව අද (14දා) අලුයම අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුජ්ජම්පොළ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මුත්‍රා ආසාදනයක් සඳහා මාරවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි දැරියක් සම්බන්ධයෙන් රෝහල් හෙද හා වෛද්‍ය නිලධාරීන්ට ඇයගේ ලිංගික ප්‍රදේශයේ පැවැති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර දැරියව පරීක්ෂා කිරිමේදී මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ.
අනතුරුව දන්කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ඊයේ (13දා) මේ පිළිබඳ ලබාදුන් තොරතුරු මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරු කොළඹ ප්‍රදෙශයේ රැකියාව කරන අයෙකු බවත්, පසුගිය නොවැම්බර් මාසයේ 25දා නිවාඩුවකට දැරියගේ නිවසට පැමිණි අවස්ථාවකදී ඔහු විසින් මෙම අපයෝජනය සිදුකර ඇති බවටත් තොරතුරු හෙළිවූ බව පොලීසිය පැවසීය. සැකකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නයිනමඩම - චන්දන ප්‍රනාන්දු
popular news
-
Champa Friday, 14 December 2018 12:13 PM
අයියෝ දෙයියනේ, පොඩි දරුවෙක්ටවත් ඉන්න දෙන්නේ නැති කාලකන්නි පිරිමි ඉන්න රටක්. මොනවා තේරෙනවද මේ පොඩි දරුවන්ට? අනිත් එක මේ දරුවන්ගේ දෙමව්පියෝ නැත්ද? දරුවෙක්ට දැන් ගෙදර, පාසැල, මඟ තොට හැම තැනම ඉන්න දුර්ජන කලකන්නිගෙන් බේරිලා ඉන්න වෙලා තියෙන හැටි. මේවා මොන විදිහකට හරි නවත්තන්න ඕනේ. විනාඩියකට එක ළමයෙක් හරි කාන්තාවක් හරි අතවරයට ලක් වෙන අප්‍රිකානු රටකවත් තමන්ගේම පවුලේ මිනිස්සු දරුවන්ට අතවර කරන්නේ නැහැ. මින් පස්සේ අතවරයට ලක් වෙන දරුවන්ගේ දෙමව්පියන්ටත් දඬුවම් දෙන්න ඕනේ දරුන්ව ආරක්ෂා කරගන්නේ නැතුවට. සෑම දරුවෙක්ටම උපන්දා ඉඳන් අවුරුදු 18ක් වෙනකම් දෙමව්පියන් රැකවරණය සහ අධ්‍යාපනය දෙන්න බැඳිලා ඉන්නවා. දරුවන් ආරක්ෂා කරගන්නේ නැති දෙමව්පියන් දෙමව්පියන් හැටියට ගණන් ගන්න බැහැ. හැමෝම කට වාන් ඉන්න නිසා දැන් පිරිමි හිතනවා මේක එවුන්ට ගියපු රට කියලා. අවුරුදු ගානක් තිස්සේ මම ලියනවා කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරගන්න රටේ නීති තද කරන්න කියල. මේ වගේ අහස පොලොව නුඋහුලන අපරාධ කරන බල්ලන්ට ඇප දෙන්න එපා කියලා. උපරිමම දඬුමව අවම දඬුවම කරන්න ඕනේ. ආයේ කිසි දවසක හිරෙන් නිදහස් වෙලා එන්න බැරි වෙන්න.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
