saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8833 hours ago

LATEST

නදීෂ් දික්කුඹුර සමුගනියි

calendar_today 2020 මාර් 20 - 10:27 remove_red_eye - 6776  

අද පුවත්පතේ ’ගෙයිහාමි’ හා ’පිංහාමි’ ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ ’ඇන්ඩ් කොම්පැණි’ නාට්‍යයේ පිටපත් රචකයා මෙන්ම තවත් රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සිය දායකත්වය දැක්වූ නදීෂ් දික්කුඹුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් රෝගීන් වාර්තා වී නොමැත.

Read More

ඉන් අනතුරුව නැවතත් එම ප්‍රදේශවලට අද දහවල් 12.00ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

Read More

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 පැතිර යෑමේ අවධානම නිසා බණ්ඩාරවෙල නගරයේදී අද (20දා) දින විෂබීජ නාශක ඉසීමේ කටයුත්තක් සිදුවන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය සඳහන් කරයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය පැතිරීම පාලනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 40 ක පදිංචිකරුවන්ට සිය නිවෙස්වලම රැඳී සිටින ලෙසට නියෝග කර ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කළ ආකාරය .

Read More

රාත්‍රී 10.00 සිට නැව දැනුම්දෙන තුරු මෙසේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

පවතින කොරෝනා වෛරස තත්ත්වය මත රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණය වෙත නොකැඳවා විඩීයෝ තාක්ෂණයෙන් සිදුකරන ලෙස උපදෙස් දි තිබේ.

Read More

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ප්‍ දේශීය පෙලිස් ප්‍රධානියා පවසා ඇත්තේ උත්සවය පැවැත්වීම සඳහා සංවිධායකයින් බලධාරීන්ගෙන් අවසර ලබා නොගත් බවයි.

Read More

විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.

Read More

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක සඳහන් වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියමහත්මිය(අද) 2020.03.19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සාපෙක්ෂව මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජ්‍රජාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත කාසල් වීදියේ කාන්තා රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 2 කින් යුත් සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා මුල්ගල් තැබීම අද දින (19) සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

සෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.

Read More

දින 4කට පෙර වසා දමා තිබූ කොළඹ කොටස් වෙළඳපොල දින 4කට පසු පැය 03ක් සඳහා හෙ​ට (20) දිනයේදී විවෘත කෙරේ.

Read More

සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

Read More

ස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක් වන බවටද වාර්තා වේ.

Read More

කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබා දි ඇත.

Read More

එක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරි හැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.