ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර ලබා දි තිබේ.
ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කර තිබේ.
නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකිය.
ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද දිනයේ නොයෙක් ආගමික සිද්ධස්ථානයන්හි විශාල බැතිමතුන් පිරිසක් සිය වන්දනා මාන කර ගැනිම වෙනුවෙන් රැස්ව සිටින අයුරු දැක ගත හැකි විය.
